PDHS Southern

ආයුබෝවන්

විසිපන් ලක්ෂයට අධික වූ ජනතාවට නිරෝගීමත් දිවි පෙවෙතක් ගත කිරීමට අවශ්‍ය පහසුකම් සපුරාලීම දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අභිප්‍රාය වේ. දකුණු පළාත සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින මේ අවධියේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා උපරිම අයුරින් සපුරාලීම තුලින් සංවර්ධනය කරා යන ගමනට විශාල අත්වැලක් සපයනු ලබයි.

පළාත් සෞඛ්‍ය සේවාවේ රෝගී සත්කාරක සේවය හා නිවාරණ සෞඛ්‍ය සේවය ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීමේ ලා ප්‍රමුඛස්ථානයක් ගනී. මූලික රෝහල්, ප්‍රාදේශීය රෝහල් හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක ඒකක මගින් රෝගී සත්කාරක සේවාව සපයයි. රෝග නිවාරණ සෞඛ්‍ය සේවාව පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් සහ විශේෂිත ව්‍යාපාර මඟින් සිදු වේ.

ඉහත සේවාවන් සැපයී ම සඳහා දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුල ක්‍රියාත්මක වන ආයතන ව්‍යුහය පසුගිය වසර කිහිපය තුල ක්‍රියාත්මක වූ අනුමත සේවක සංඛ්‍යා සංශෝධනයට අනුව ආයතන සංඛ්‍යාවේ යම් යම් සංශෝධන සිදු වූ අතර ඒ අනුව දකුණු පළාත තුල දැනට ආයතන 207ක් ක්‍රියාත්මක වේ. මේ අතර මූලික රෝහල් 8ක් ද ප්‍රාදේශීය රෝහල් 51ක් ද ප්‍රාථමික වෛද්‍ය සත්කාරක ඒකක 59ක් ද මඟින් පළාත තුල රෝගී සත්කාරක සේවාව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 49 ක්ද විශේෂිත ව්‍යාපාර 11 ක් ද හා රෝග නිවාරණ සෞඛ්‍ය සේවාව ද සපයනු ලබයි.

සිංහල/தமிழ்/English